![]() |
![]() |
- වර්ෂ 1901 දි කරඳගොල්ල ප්‍රදේශයේ කුඩා කටු මැටි පාසලක් ලෙස සිසුන් 40 දෙනෙකුගෙන් මෙම විදුහල ආරම්භ වී ඇත. මෙහි ප්‍රථම විදුහල්පති පීටර් රාජපක්ෂ මහතාය.
- 1920 දී ද්විභාෂා විදුහලක් බවට පරිවර්තනය වූ පසු දැනට මප/හගු/විද්‍යාකර විද්‍යාලය ඇති ස්ථානගත කර තිබුණි.
- එවකට විදුහල්පති වූ එම්.ඩි.ගුණවර්ධන මහතා ගේ හා ප්‍රදේශ වාසින්ගේ බලවත් ඉල්ලීම මත 1946.02.01 දින මෙම විදුහලක් බවට පිළිගෙන තිබේ. අනතුරුව මෙම විදුහල පවත්වාගෙන යාම සදහා ඕපාත වලව්ව නොහොත් මහගෙදර වලව්ව විදුහල්පති වරයා වෙත පවරා දී ඇත. එම ගොඩනැගිල්ල දැනට බාලිකා නේවසිකාගාරය තිබෙන ස්ථානයේ වූ බව කියැවේ. මෙම ගොඩනැගිල්ල තුළ පංති ආරම්භ කරන ලද්දේ 1946.03.01 දිනය. පොරමඩුල්ල මැදි මහ විදුහලේ ආරම්භක විදුහල්පති වරයා ලෙස එම්.ඩී. ගුණවර්දන මහතා විශාල සේවයක් සිදුකර ඇත.
- ඉ.ජී. මෙන්ඩිස් විදුහල්පති තුමාගේ සමයේදී සාඩම්බර ලීලාවෙන් වැජ්ඹෙන ප්‍රධාන ගොඩනැගිල්ල මුල්ගල් තැබීම එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි ඩී.එස්. සේනානායක මැතුඳුන් අතින් 1951 ජූනි මස 01 දින සිදු කරන ලදි.
- 1956.11.05 දින පෙරවරු 7.15 යෙදුනු සුභ මොහොතින් විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගෙවදීම පී. සෙනරත් විදුහල්පතිතුමා අතින් සිදුවිය.